Our Stories

Announcements
14 th January 2021 at 07:01
Happy Thaipongal Day - 2021

තෛපොංගල් දින වන්දනාවට පාත්‍ර වන සූර්යයා ජීවිතයට ශක්තියත් ගනඳුරු දුරලන ආලෝකයත් වන්නේ යම් සේද, උත්තරීතර මානුෂීය ගුණාංගවලින් ඔබේ ජීවිතය ද ප්‍රභාමත් වේවා යි ප්‍රාර්ථනය කරමි!

May this auspicious occasion illuminate your life with noble humanitarian qualities as the sun dispels darkness and light up our lives.

சூரியன் இருளை அகற்றி எமது வாழ்விற்கு வெளிச்சத்தை தருவதைப் போல் இந்த உன்னதமான நாளில் உங்களுடைய வாழ்வு புனிதமான மனிதாபிமான பண்புகளுடன் ஒளிரட்டும்.

Announcements
13 th January 2021 at 20:01
71st anniversary Bodhi Pooja and Pirith chanting was held at the College premises. - 2021

තර්ස්ටන් විද්‍යාලයීය 71 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන බෝධි පූජා පිංකම හා පිරිත් සජ්ඣායනාව විද්‍යාලයේ 96 කණ්ඩායමේ අනුග්‍රහයෙන් 2021 ජනවාරි මස 11 වන සඳුදා දින කොවිඩ්-19 වැළක්වීමේ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වුණි.

The Bodhi Pooja and Pirith Chanting for the 71st Anniversary of Thurstan College was held on Monday, 11th of January 2021 at the College premises with the participation of a limited number of people following the Covid-19 Prevention Health Safety Guidance. The event was sponsored by the College 96 team.

Announcements
13 th January 2021 at 19:01
The oldest building which was renovated was handed over to the students - 2021

තර්ස්ටන් විද්‍යාලයට වසර 71 වන සංවත්සරයට සමගාමීව විද්‍යාලයේ වර්ථමාන විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරු අංශයේ නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වය යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද විද්‍යාලයේ පෞඩත්වය පිළිබිබු කෙරෙන ඉතා පැරණිතම ගොඩනැගිලි පද්ධතිය 2021 ජනවාරි මස 11 වන දින විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙකු වන ශ්‍රී ලංකාවේ වර්ථමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් සිසු අයිතියට පත් කරන ලදී.

ප්‍රතිසංස්කරණ කටයුතු සදහා අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා තර්ස්ටන් විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතිය රුපියල් මිලියන 13ක මුදලක් වැයකර ඇත. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මැද සමරු ඵලකය නිරාවරණය කොට විවෘත කළ මෙම ගොඩනැඟිල්ලේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සිප් සතර හදාරා ඇති බව පවසන්නේ මහත් ආඩම්බරයෙනි.

71 වසරක තර්ස්ටන් විද්‍යාලීය ඉතිහාසය තුළ වෘත්තීමය වශයෙන් වසර 50ක දේශපාලන දිවියක් සම්පූර්ණ කළ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වෙනුවෙන් පිරිනැමෙන තර්ස්ටන් ප්‍රජාවේ සමරු තිළිණය මෙහිදී තර්ස්ටන් විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතා සහ ප්‍රධාන ශිෂ්‍යනායක විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ප්‍රදානය කළහ.

අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කි ෂෙන්හොං මහත්වරු වෙත සමරු තිළිණ ප්‍රදානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කරන ලදී.

චීන ආරක්ෂක විද්‍යාලයීය ශ්‍රී ලංකා ආදි විද්‍යාර්ථ සංගමය හා චීන සමූහාණ්ඩුවේ සම්බන්ධීකරණයෙන් Huawei Idea hub විසින් පිරිනැමූ රුපියල් මිලියන 10ක් වටිනා ස්මාර්ට් පංති කාමර තාක්ෂණික උපකරණ කට්ටල 6ක් විද්‍යාලයට භාර දීම ද මීට සමගාමීව සිදුවිය. විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල්, රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ජී.වී. රවිප්‍රිය මහතා ඊට අදාළ ප්‍රදානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දුන්නේ ය.

මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ජී.වී රවිප්‍රිය, විදුහල්පතිතුමා ඇතුළු තර්ස්ටන් විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය, පාසල් සංවර්ධන සමිතියේ සමාජිකයෝ, ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයෝ සහ පාසල් දරුවන් පිරිසක් එක්ව සිටියහ.

The restored oldest building of Thurstan college was vested to students by Hon. Prime Minister Mahinda Rajapaksa on the 11th of January 2021.Principal Pramuditha Wickramasinghe inaugurated the project to coincide with the 71st anniversary of the school with the dedicated contribution of the officers of the Engineering Division of the Sri Lanka Navy.

School Development Societies have spent Rs. 13 million to purchase equipment and materials required for the renovation work on this building where the Prime Minister had also been studying when he was at school.

The Thurstan College Commemorative Prize on behalf of a distinguished alumnus who has completed 50 years of professional political career during the 71 year history of the school was presented to Mahinda Rajapaksa by the Principal of the College.

The Prime Minister also presented tokens of appreciation to the Minister of Education Hon.Prof.G.L.Peiris, Minister of trade Hon.Dr.Bandula Gunawardene and His Excellency Mr.Qi Zenghong the Ambassador of the People's Republic of China in Sri Lanka for their gracious presence at the event.

6 Smart class room equipment sets worth 10 million rupees were also donated to the school by the China Defense College in coordination with its Sri Lanka Alumni Association and Huawei Idea Hub.Retired Major General,Director General of Sri Lanka customs Mr. Vijitha Ravipriya, a distinguished alumnus of Thurstan College, handed over the grant to the Prime Minister.

Secretary of the Ministry of Defense Rtd. General Kamal Gunarathne, the academic staff of the college,members of the school development society,members of the Old Boys' Union,parents and students were also present at the event.

Announcements
13 th January 2021 at 08:01
Thanks to Everyone - 2021!

තර්ස්ටන් විද්‍යාලයේ 71 වන සංවත්සර සැමරුම සාර්ථක කරගැනීමට සහයෝගය ලබා දුන් සැමට අපගේ හෘදයාංගම ස්තුතිය පිරිනමමු!

Our heartfelt thanks to everyone who supported the 71st Anniversary celebration of the Thurstan College!

Announcements
12 th January 2021 at 17:01
Temporary Building System - 2021

වැඩ අවසන් වෙමින් පවතින විද්‍යාල පරිශ්‍රයේ ඉදිකරන ලද තාවකාලික ගොඩනැගිලි පද්ධතිය.

A temporary building system constructed on the college premises where work is nearing completion.

Announcements
12 th January 2021 at 14:01
News on the Thurstan College proud 71st Celebrations - 2021

තර්ස්ටන් විද්‍යාලයේ අභිමානවත් 71වන සැමරුම් උළෙල පිළිබදව 2021 ජනවාරි මස 11වන සදුදා දින රුපවාහිනී ආයතනවල විකාශනය වූ පුවත්.

On Monday, 11th January 2021 Media stations carried the news regarding the 71st anniversary of Thurstan College.

Youtube Link : https://www.youtube.com/watch?v=xIeCjy9849E&list=PLEePAxOm22kC1xGKGtImOYa0rbAa-dfYS

Announcements
11 th January 2021 at 20:01
'Pirith' Chanting Commences - 2021

තර්ස්ටන් විද්‍යාලයට 71 වසරක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන පිරිත් සජ්ඣායනාව විද්‍යාලය පරිශ්‍රයේදී ආරම්භ විය.

The Pirith Chanting Ceremony to mark the 71st anniversary of Thurstan College commenced at the School premises.

Announcements
11 th January 2021 at 00:01
Thurstan College 71 Year Anniversary - 2021

ලොවක් මවිත කළ, රටක් ඒකළු කළ, දැයක් පුබුදු කළ පුතුන් රැසකට තෝතැන්නක් වූ කොළඹ තර්ස්ටන් විද්‍යාලය ජනවාරි මස 11වන දින සිය 71 වන සංවත්සරය අභිමානයෙන් සමරයි.

එවකට අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ සංකල්පයකට අනුව අධ්‍යාපන අමාත්‍ය ඊ. ඒ. නුගවෙල මහතාගේ ප්‍රධානත්වයෙන් වර්ෂ 1950 ජනවාරි එකොළොස් වන දින ආරම්භ කෙරුණු මෙම පාසලේ ප්‍රථම කණ්ඩායම ලෙස සිසුන් 26 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි.

මීට අමතරව රාජකීය විද්‍යාලයේ ද්වීතික කොටසට සුදුසුකම් නොලැබූ සිසුන් 112 දෙනෙක්ද පාසැලේ 6, 7 සහ 8 වසර වලට සුදුසුකම් ලැබීය.

තර්ස්ටන් පාරේ ද්විතීක පාසල ලෙස ආරම්භ කළ මෙම පාසලේ ප්‍රථම විදුහල්පතිවරයා ලෙස මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි ඩී. පී. ඒ. ෂොක්මන් මහතා පත්කෙරිණි. ත්‍රිත්ව විද්‍යාලයේ දී ඔහු ලැබූ අත්දැකීම් උපයෝගී කරගනිමින් මෙම විද්‍යාලය ඉතාමත් කෙටි කලකින් දිවයිනේ ප්‍රමුඛ පෙලේ පාසල් අතරට ගෙන ඒමට ඔහුට හැකියාව ලැබුණි. මේ අනුව වර්ෂ 1953 මාර්තු මස 26 වන දින තර්ස්ටන් පාරේ ද්වීතීක පාසැල කොළඹ තර්ස්ටන් විද්‍යාලය නමින් නම් කෙරිණි.

එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරවැසියා වන ජනාධිපතිවරයෙකු මෙන්ම යුද, ගුවන්, නාවික හමුදාවල ඉහලම නිළයන් ගෙන්ද පොලිස්පති ධූරයන් ද පිදුම් ලද වීර පුතුන් විශාල ප්‍රමාණයක් තර්ස්ටන් මව් කුසින් බිහිවී ඇත බවට සැකයක් නොමැත. ඒමෙන්ම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, අග්‍රගන්‍ය කලාකරුවන්, මාධ්‍යවේදීන්, දෙස් විදෙස් පතළ ව්‍යාපාරිකයන් වැනි දහසකුත් ඒකක් ලොවට වැඩ ඇති පුතුන් තර්ස්ටන් මවගේ රුහිරෙන් පෝෂණය ලැබූහ.

කොළඹ දිස්ත්‍රික්කයේ ජාතික පාසල් අතර තර්ස්ටන් විද්‍යාලයට ඉතා ඉහල තැනක් හිමිවන අතර අධ්‍යාපන කටයුතු මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම්වලින් ද තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් ඉතාමත්ම ඉදිරියෙන් සිටිනු දැකිය හැකිය.

ඒ සඳහා වර්තමාන විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතා ගේ මෙන් ම විද්‍යාලයේ පරිපාලනයට එදා මෙදා තුර දායක වූ එම්. ඩී. ගුණවර්ධන, පි. එම්. ජයතිලක, පී. එස්. ගුණසේකර, එච්. ඩී. හර්මන් පෙරේරා, ආර්. ඩී. එම්. පී. වීරතුංග, ඩබ්ලිව්. ගුණරත්න, ඒ. ඩී. එම්. ඩී. බන්ඩාර, වයි. ඒ. එන්. ඩි. යාපා හා ඊ. එම්. එස්. ඒකනායක යන විදුහල්පති තුමන්ලාගෙන් ලැබුණු දායකත්වය අපමණය.

අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ද්වීතික පාසලක් ලෙස වසර 71 ඉතිහාසයක් සනිටුහන් කළ ද, තර්ස්ටනය 1859 තරම් ඈත ඉතිහාසයකට උරුමකම් කියයි.

එනම් වර්ෂ 1859 දී ඉංග්‍රීසි ජාතික දේවගැතිවරයකු වන ඒ. ජේ. තර්ස්ටන් පියතුමා විසින් තම පෞද්ගලික ධනයෙන් වත්මන් තර්ස්ටන් විද්‍යාලය පවතින ස්ථානයේදී කාර්මික විද්‍යාලයක් ආරම්භ කොට පවත්වාගෙන ගොස් තිබිණ.

කෘෂිකර්මය සහ අත්කම් පිළිබඳව දැනුම බෙදා දීම සඳහා පවත්වාගෙන ගිය මෙම පාසැල පසුකාලීනව වැසී යන අතර වර්ෂ 1884 දී ඉංග්‍රීසි රජය විසින් මෙම ස්ථානයේ කෘෂිකාර්මික පාසැලක් ආරම්භ කරණ ලදි.

මෙලෙස ආරම්භ වන කෘෂිකාර්මික පාසැල වර්ෂ 1910 දී වැසී යන අතර පාසැලේ ගොඩනැගිලි උපයෝගී කරගනිමින් ප්‍රදේශවාසී දරුවන් සඳහා ප්‍රාථමික පාසලක් පවත්වාගෙන යාමට රජය කටයුතු කර තිබේ.

රාජකීය විද්‍යාලය 1923 දී රීඩ් මාවතේ පිහිටි ගොඩනැගිල්ලක ආරම්භ කිරීමත් සමඟ මෙම ප්‍රාථමික පාසැල ද එම පරිශ්‍රයට රැගෙනයාමෙන් හිස් වූ මෙම ගොඩනැගිලි සහ භූමිය රජය විසින්ගුරු අභ්‍යාස විද්‍යාලය සඳහා උපයෝගී කර ගන්නා ලදී.

මෙම ගුරු අභ්‍යාස විද්‍යාලයේ ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවයටම නේවාසික පහසුකම් සැලසුණු අතර Denham Hostel ලෙස හැඳින්වුණු මෙම ගොඩනැගිල්ල 80 දශකයේ අග භාගය වන තෙක්ම කොළඹ නගරයේ සුප්‍රකට බිම් සලකුණක් ලෙස විරාජමාන විය.

කෙසේ වෙතත් 1949 මෙම ගුරු අභ්‍යාස ආයතනය මහරගම වර්තමාන ගුරු අභ්‍යාස ආයතනය පවතින ස්ථානයට ගෙන යෑමෙන් පසු හිස් වූ මෙම ගොඩනැගිලි සහ අක්කර පහමාරක පමණ භූමිය 1950 දී තර්ස්ටන් පාර ද්වීතික විද්‍යාලය බවටත් 1953 දී එය කොළඹ තර්ස්ටන් විද්‍යාලය බවටත් පත් වී, මේ වන විට ලක්ෂ සංඛ්‍යාත දරු කැලක් නැණයෙන් පුබුදන්නටත් විනයෙන් සරසන්න ටත් ඇප කැප වූ බව නොරහසකි.

Announcements
09 th January 2021 at 21:01
Cafeteria Renovation - 2021

තර්ස්ටන් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ ව්‍යාපෘති යටතේ නවීකරණය වූ විද්‍යාලයේ ආපනශාලාව.

Renovated college canteen under Thurstan College Old Boys' Union projects.

Announcements
09 th January 2021 at 20:01
Renovation Of The Oldest Building System - 2021

තුන්දහස ඉක්මවූ ලාංකීය පුතුන් පිරිසකගේ නැණ ආලෝකයෙන් පෝෂණය කර දෙස ඔසවා තබන්නට සැමවිටම කැපවී සිටින තර්ස්ටන් විද්‍යාලයේ ප්‍රෞඩත්වය පිළිබිඹු කෙරෙන ඉතා පැරණිතම ගොඩනැගිලි පද්ධතිය විද්‍යාලයේ වර්තමාන විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරු අංශයේ නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වය යටතේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වෙමින් පවතී.

The oldest building system in Thurstan College, which has always been dedicated to nurture and uplift the minds of over 3,000 Sri Lankan sons, is in the final stages of completion under the concept of the current Principal of the College, Mr. Pramuditha Wickramasinghe, with the labor contribution of the officers of the Engineering Division of the Sri Lanka Navy.

Announcements
09 th January 2021 at 20:01
Bodhi Pooja & Pirith Chanting - 2021

තර්ස්ටන් විද්‍යාලයීය 71 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන බෝධි පූජා පිංකම හා පිරිත් සජ්ඣායනාව 2021 ජනවාරි මස 11 වන සඳුදා දින පස්වරු 07:00 සිට පස්වරු 10:00 දක්වා විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වේ.

බෝධි පූජා පිංකම හා පිරිත් සජ්ඣායනාව තර්ස්ටන් විද්‍යාලයීය නිල ෆේස්බුක් පිටුවෙන් හා යුටියුබ් නාලිකාව සජීවීව නැරබිමට හැකියාව ඇත. එමෙන්ම දැනට විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යන්ටද මෙම වැඩසටහන ඔබගේ මයික්‍රොසොෆ්ට් ටීම් ගිණුමෙන් සජීවීව නැරබිය හැකිය.

Bodhi Pooja and Pirith Recitation commemorating 71st Anniversary of Thurstan College will be held on Monday, January 11, 2021 from 7:00 pm to 10:00 pm at the College premises.

Bodhi Pooja and Pirith chanting can be viewed live on Thurstan College's official Facebook page and YouTube channel. Students currently attending college can also watch the program live from your Microsoft Team account

Announcements
09 th January 2021 at 19:01
The Modernization Of The Ancient Building - 2021

තර්ස්ටන් විද්‍යාලයීය 71 වන සංවත්සරට සමගාමීව විද්‍යාලයේ පිහිටි පෞරාණික ගොඩනැගිල්ල නවීකරණය කොට සිසු අයිතියට පත් කිරීමේ උත්සවය 2021 ජනවාරි මස 11 වන සඳුදා දින වර්තමාන අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

මෙම උත්සවය පෙරවරු 8:30 සිට පස්වරු 12:30 දක්වා තර්ස්ටන් විද්‍යාලයීය නිල ෆේස්බුක් පිටුවෙන් හා යුටියුබ් නාලිකාව සජීවීව නැරබිමට හැකියාව ඇත. එමෙන්ම දැනට විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යන්ටද මෙම වැඩසටහන ඔබගේ මයික්‍රොසොෆ්ට් ටීම් ගිණුමෙන් සජීවීව නැරබිය හැකිය

The opening ceremony of the conserved ancient building of Thurstan College will be held on Monday, January 11, 2021 under the patronage of the present Prime Minister, Hon. Mahinda Rajapaksa, to coincide with the 71st Anniversary of Thurstan College.

The event will be available live from 8:30 a.m. to 12:30 p.m. on the Thurston College official Facebook page and YouTube channel live. Students currently attending college can also watch the program live from your Microsoft Team account..

Announcements
05 th January 2021 at 11:01
Cricket Team Training Begins - 2021

නව වර්ශයේ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩා කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු 2021 ජනවාරී මාස 04 වන සදුදා දින කොළඔ ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී විද්‍යාලයීය විදුහල්පතිතුමන්ගේ හා නියෝජ්‍ය විදුහල්පතිතුමන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ විය.

Thurstan College Cricket Team Training for the New Year was commenced on 4th January 2021 at Thurstan College Cricket Ground, Stanley Wijesundera Mawatha, Colombo with the participation of the Principal and Deputy Principals.

Announcements
03 rd January 2021 at 09:01
Congatulation Thurstanite Major General Lal Chandrasiri - 2021

මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ තර්ස්ටන් විද්‍යාලයීය කිරිතිමත් ආදී ශිෂ්‍ය ශ්‍රී ලංකා යුධ හමුදාවේ සමස්ථ ආරක්ෂක සම්බන්ධීකරණ, ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරාල් ලාල් චන්දසිරි මහතාට, අපගේ උණුසුම් සුබපැතුම්!

Our warmest congratulations to Major General Lal Chandrasiri of the Gemunu Watch, Director of Psychological operations -AHQ, who was promoted to the rank of Major General, a distinguished alumnus of Thurstan College.

Announcements
01 st January 2021 at 00:01
Happy 2021 New Year!

ඔබටත් ඔබේ පවුලේ අයටත් සුරක්ෂිත, සෞඛ්‍ය සම්පන්න සහ සමෘද්ධිමත් නව වසරක් වේවා!

Wishing you and your family a safe, healthy, and prosperous new year!

உங்களுக்கும் உங்கள் குடும்பத்தினருக்கும் பாதுகாப்பான, ஆரோக்கியமான, வளமான புத்தாண்டு வாழ்த்துக்கள்!

Announcements
31 st December 2020 at 22:12
Principal 2021 New Year Message

තර්ස්ටන් විද්‍යාලයීය විදුහල්පතිතුමාගේ නව අවුරුදු පණිවිඩය.

New Year Message by Thuratan College Principal.

Announcements
31 st December 2020 at 21:12
Landscaping - 2020

තර්ස්ටන් විද්‍යාල භූමිය අලංකරණය කිරීමේ කටයුතු සිදුවෙමින් පවතී.

Landscaping work is underway at Thurstan College Premises.

Announcements
30 th December 2020 at 13:12
Lavatory Renovation - 2020

තර්ස්ටන් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ ව්‍යාපෘති යටතේ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යන්ගේ භාවිතය සදහා තිබුණු පැරණි වැසිකිළි පද්ධතියක් ඉවත් කොට ඒ වෙනුවට නව වැසිකිළි පද්ධතියක් ඉදිකිරීමේ කටයුතු සිදුවෙමින් පවතී.

The old lavatory system which was there for the use of the students is being removed and a modern lavatory system is being constructed as one of the projects by the Thurstan College Old Boys' Union.

Announcements
29 th December 2020 at 13:12
Cafeteria Renovation - 2020

තර්ස්ටන් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ ව්‍යාපෘති යටතේ විද්‍යාලයේ ආපනශාලාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙමින් පවතී.

Renovation work of the college canteen is being carried out as one of the projects by the Thurstan College Old Boys' Union.

Announcements
29 th December 2020 at 07:12
Unduvap Poya Day - 2020

උදුවප් පොහොය දිනය අදයි. ලොවුතුරා බුද්ධත්වයට සෙවණ දුන් බෝ සමිඳුන්ට අනිමිස ලෝචන පූජාවෙන් ද බුදුරජාණන් වහන්සේ කළ ගුණ සැලකූ සේක. සැදැහැති බෞද්ධයාගේ ප්‍රසාද සංවේගය ජනිත කරවා බුද්ධත්වයේ සංකේතය ලෙස පූජනීය වූ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අද වැනි පින්බර පොහොය දිනක උරුම වීම ලක්දිව බෞද්ධයා ලද මහත් වූ භාග්‍යයකි.

දොළොස් මහේ පොහොය අතුරින් උඳුවප් පුර පසළොස්වක පොහොය ලාංකේය වනිතාවට සුවිශේෂී වූ දිනයකි. එකල පරාධීනව පසු වූ ලාංකේය වනිතාවගේ විමුක්තිය උදා කළ පහන් ටැඹ වූ සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේගේ ලංකාගමනය සිදු වූයේ අද වැනි උඳුවප් පුර පසළොස්වක පොහොය දිනක ය.

ප්‍රඥාව ඇත්නම් නිවන් පුරයට පිවිසෙන මාවතට එළැඹීමට මුළුගැන්වුණු ස්ත්‍රීත්වය බාධාවක් නොවේ. ඒ බව පසක් කරලමින් අනුලා දේවිය ප්‍රමුඛ කාන්තා පිරිස අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ශ්‍රවණය කර සෝවාන් මග ඵල ලබා නොබෝ කලකින් උතුම් වු සකෘදාගාමි මාර්ග ඵල ද ලැබූහ.

දස සිල් සමාදන්ව කසාවතින් සැරසුණු ආර්ය ශ්‍රාවිකාවන් පැතු පැවිදි බව ලබා දී සදහම් ගංඟාව දස අත ගලා යවමින් ලක්දිව් තලයේ භික්ෂුණී ශාසනය පිහිට වූයේ සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ වැඩම කරවීම නිසාවෙනි.

මෙවන් වූ මෙහෙයක් වෙනුවෙන් දේවානම්පියතිස්ස නිරිඳුන් දැක්වූ රාජ්‍ය අනුකූලතාව ශ්‍රේෂ්ඨය. සඟමිත් තෙරණිය සමඟ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛාවක් වැඩම කරවීමට අවශ්‍ය බව දන්වන සංදේශයක් ද රැගෙන අරිට්ඨ කුමරු ප්‍රමුඛ දූත පිරිස දඹදිව රම්‍ය වු පැළලුප් නුවරට පිටත් කළහ.

සිරිලක් වනිතාව ද මේ සංසාර දුක් සයුරෙන් එතෙර කරලීමේ උතුම් අපේක්‍ෂාවෙන් සඟමිත් තෙරණිය තම පිය රජතුමාට කාරුණිකව කරුණු අවබෝධ කරලීමෙන් පසුව මිහිඳු මහ රහතන් වහන්සේගේ වචනයට ද ගරු කරමින් අශෝක මහ රජතුමා තම දියණිය ලංකාවට එවීමට එකඟ විය.

ශ්‍රද්ධාවන්ත අශෝක රජු “මාගේ දරු පිරිස සිංහල ජාතියට සේවය පිණිසවේවා” යි ප්‍රාර්ථනය කරමින් ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛාවක් ලබා ගන්නේ කෙසේ දැයි මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේගෙන් කරුණු විචාළේය. එහිදී බුදුරදුන් පිරිනිවන් මංචකයේ දී දේශනා කළ අධිෂ්ඨානයන් ගැන දැනුවත් වූ රජතුමා බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ඔද වැඩී ගියේ ය. දෑගිලි බැඳගත් රජු බෝධි වෘක්ෂය දෙස බලා සත්‍ය ක්‍රියා කළේය. එම බලයෙන් දක්‍ෂිණ ශාඛාව සම්බන්ධ සතර රියන් පමණ ප්‍රදේශය හැර සියලුම ශාඛාවෝ ඍද්ධි ප්‍රාතිහාර්ය දැක්වීය. මුල් සියයක් අද්දවමින් දක්‍ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටන විට හිම වළාගැබක් අතරට වැදි මහ පොළොව කම්පිතව ප්‍රාතිහාර්ය පෑවේ ය. දෙව් මිනිසුන්ගේ මහත් වු බහුමානයන් මධ්‍යයේ බෝධින් වහන්සේගේ ඵලයන් හා පත්‍රවලින් සවනක් රැස් විහිදුවමින් මුළු දඹදිව් තලයම ඒකාලෝක කරවීය.

මේ අසිරිමත් දර්ශනයෙන් අපරිමිත පී‍්‍රතියට පත් ධර්මාශෝක නිරිඳුන් දඹදිව් රාජ්‍යයට බෝ සමිඳුන්ට පිදුවේ බෝධිරාජයාණන් වෙන්වීමේ දරාගත නොහැකි ශෝකයෙන් කඳුළු වගුරවමිනි.ගී‍්‍රවය දක්වා ජලයෙහි බැසගත් දම් සෝ නිරිඳුන් බෝධිරාජයාණන් ඔසවා ගෙන නැවෙහි තැම්පත් කළේ උඳුවප් මස ශුක්ල පක්‍ෂයෙහි පෑල වියේදී ය.බෝධියේ ආරක්‍ෂාවට සිව් රඟ සේනාවත් සංඝමිත්තා මහ රහත් තෙරණිය ප්‍රමුඛ උත්තරා , හේමා, පසාදපාලා,අග්ගිමිත්තා, දාසිකා,ඵෙග්ගු, පබ්බතා, මත්තා, ධම්ම දිසා, මහාදේවි,පදුමා, හෙමාසා, උන්නලා, අඤ්ජලී, සහ සුමා භික්ෂුණීන් වහන්සේලා සමඟ අරිට්ඨ කුමරු ලංකාගමනය ඇරැඹීය.

රාජ්‍ය දූත පිරිස රැගත් ගංගා නම් නදිය මත්තේ සැරසිල්ලෙන් අලංකාර වු ධර්ම යාත්‍රාව සත් දිනක් මුළුල්ලේම වින්ධ්‍යා වනය පසුකරමින් තාමලිත්ති නැව් තොටට පැමිණ මහ සයුර තරණය කරද්දි රළ සිදි සත්වනක් පියුම් පිපි මේඝ වර්ෂා වැටෙමින් මහා ප්‍රාතිහාර්ය දැක්වී ය. ගුවනේ තූර්යෝ වැයුණේ ය. නාග සේනාවෝ මහා බෝධිය ලබා ගැනීමේ අපේක්‍ෂාවෙන් ඍද්ධී විකුර්ණය කළහ.

මෙවන් අසිරිමත් සිදුවීම් පෙළක් මධ්‍යයේ ශ්‍රී මහාබෝධියේ දක්‍ෂිණ ශාඛාව වඩා හිඳුවාගෙන ලක් දිව් තලයේ දඹකොළ පටුනට වැඩම කළ සගමිත් තෙරණියගේ ලංකාගමනය, සනාථ කිරීමට සාංචි ස්ථූපයේ නැඟෙනහිර වාහල්කඩ මුදුනේ නිරූපිත කැටයම සාක්‍ෂි දරන බව මහාචාර්ය ගෛර් පඬිතුමා සිය ඉංගී‍්‍රසි පරිවර්තනයෙන් ද සඳහන් කරයි.

විශේෂ මණ්ඩපයක වඩා හිඳ වූ ශ්‍රී මහා බෝධි රාජයාණන්ගේ දක්‍ෂිණ ශාඛාව නොයෙකුත් පුෂ්ප මාලාවන්ගෙන් ද ධජ පතාක ආදියෙන්ද සැරසුණු සුදු වැලි අතුල අලංකාර මාවත දිගේ ගෞරව බහුමානයෙන් යුක්තව මහා පෙරහරින් අනුරපුර මහමෙවුනාවට වැඩම කරවීය.

මනෝරම්‍ය වු ස්ථානයක පිහිටුවීමට සීරුවෙන් වඩා හිඳුවාලූ මොහොතේ බෝ සමිඳු අසුරියනක් ගුවන් ගැබේ සවනක් රැස් විහිදුවාලීය. මෙවන් ප්‍රාතිහාර්යෙන් ප්‍රසන්න වූ දේවානම්පියතිස්ස නිරිඳුන් ලංකා රාජ්‍ය බෝධිරාජයාට පුදනු ලැබුවේ දොහොත් මුදුන් දී නමස්කාර පූර්වකව ය.

ලොවුතුරා බුද්ධත්වයට සෙවණ දුන් බෝ සමිඳුන්ට අනිමිස ලෝචන පූජාවෙන් ද බුදුරජාණන් වහන්සේ කළ ගුණ සැලකූ සේක. සැදැහැති බෞද්ධයාගේ ප්‍රසාද සංවේගය ජනිත කරවා බුද්ධත්වයේ සංකේතය ලෙස පූජනීය වූ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අද වැනි පින්බර පොහොය දිනක උරුම වීම ලක්දිව බෞද්ධයා ලද මහත් වූ භාග්‍යයකි.

සුමන සමන් දෙවිරදගේ ආරාධනාවෙන් රහතන් වහන්සේලා පන්සියයක් සමඟ සමනොළ කන්දට වැඩම කළ ගෞතම මුණිඳුන්ගේ වම් පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත් කළ ශ්‍රී පාදස්ථානය කරුණා කිරීම ඇරැඹෙන්නේ ද උඳුවප් පුර පසළෙස්වක පොහොය දිනයේ සිට ය.

සම්මත වර්ෂ අවසානයේ යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහොය මෙවන් සුවිශේෂී සිද්ධීන් රැසක් නිසා සමස්ත බෞද්ධ ජනතාවට සුවිශේෂිත වූ දිනයක් බවට පත් වී ඇත.

Unduvap Poya day is considered by Sri Lankan Buddhists to be of special significance because emperor Dharmasoka’s daughter, Theri Sanghamitta brought with her and her retinue a Bo-Sapling to Anuradhapura, from Buddha Gaya.

It was on this day that the Bo-Sapling was ceremoniously planted at the Mahamegha Udyanaya and also the Sri Lanka Bhikkuni Sasana was established when Queen Anula (reigned 47 BC – 42 BC) became a Bhikkuni.

Another noteworthy event that took place on the day was that Prince Arittha, the King’s nephew entered the Order of monks along with 500 other men. They all became Arahats. This was the beginning of the Buddha Sasana in Sri Lanka.

As the Vinaya rules did not permit a man to confer ‘pabbajja’ (ordination) on a woman, the Thera asked the King to send an envoy to Paataliputra, (modern Patna) the capital of Emperor Asoka to invite Sanghamitta Therani, the Emperor’s daughter and his sister herself an erudite Bhikkhuni, to Lanka. The Thera also told the King to request Emperor Asoka to send a branch of the Maha Bodhi, under which the Buddha had sat at the time of his Enlightenment.

The Bhikkhuni Sasana which Sanghamitta Therani inaugurated with the ordination of Anula Devi, grew in strength, of numbers and of erudition.

Such was the recognition abroad that in the 5th century AD, two groups of Bhikkhuni’s went to China and established a Bhikkhuni Sasana in Nanking, the capital of the Sung dynasty.

But with the fall of Anuradhapura in 1017 AD the Bhikkhuni Sasana disappeared, leaving no trace of its existence anywhere in the island or any clue to its demise.

However, the Bo sapling which the Therani brought from India and which was planted in the Maha Megha Garden in Anuradhapura, has survived 2238 years of droughts and disasters, some natural, some man-made.

Announcements
28 th December 2020 at 15:12
Preparation of infrastructure - 2020

තර්ස්ටන් විද්‍යාලයේ මහපොළ ගොඩනැගිල්ලෙන් ශිෂ්‍යන් ඉවත් කිරීමෙන් පසුව තාවකාලිකව ඉදිවෙන ගොඩනැගිලි සංකීර්ණයට අවශ්‍ය යටිතල පහසුකම් සකස් කිරීම 2020 දෙසැම්බර් මස 25 වෙනි සිකුරාදා දින ආරම්භ කරන ලදී.

Preparation of infrastructure required for the temporary building to replace the Mahapola building commenced on 25th December 2020.

Announcements
27 th December 2020 at 10:12
Remove Detective Materials - 2020

තර්ස්ටන් විද්‍යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් පැසිපන්දු පිටියේ ගොඩගැසී තිබු අබලි ද්‍රව්‍ය සියල්ල 2020 දෙසැම්බර් මස 25වන සිකුරාදා දින ඉවත් කරන ලදී.

Due to the renovation work that was carried out during the recent times within the school premises the defective material that was piled up in the basketball court were removed by Friday, December 25, 2020.

Announcements
25 th December 2020 at 00:12
Merry Christmas - 2020

කිතුණු ජනයාගේ විශ්වාසය අනුව දෙවියන් වහන්සේ විසින් ලෝකය මවන ලදී. ඉන් අනතුරුව උන්වහන්සේ ස්ත්‍රිය හා පුරුෂයා මවන ලදී.

මේ ස්ත්‍රිය හා පුරුෂයා විසින් නිමක් නොවන පව් කල අතර මේ නොමග යමින් සිටින තමන්වහන්සේ විසින් මැවු මිනිසුන් යහමඟට ගනිමින් ඔවුන්ට පව් සමා කිරීමට අවස්ථාවක් දෙන අරමුණින් දෙවියන් වහන්සේ පුත්‍රයානන් වහන්සේගේ ස්වරූපයෙන් මිනිසුන් අතරට එන්නට තීරණය කරන ලදී.

ආදරයේ, සාමයේ අරුත ලෝකයට කියා දෙමින්, බෙදා හදා ගැනීම ගැන වූ අපූර්ව පාඩම මිනිසුන්ට කියා දෙන්න ආගමික දර්ශනයක් රැගෙන කන්‍යාවක් වු මරියා තුමියගේ නොඉදුල් ගැබින් දෙවියන්වහන්සේ පුත්‍රයානන් වහන්සේගේ ස්වරූපයෙන් ජේසුස් යන නමින් පීඩිත සමාජය නියෝජනය කරමින් දිලිදු ගවලෙනක් තුලදී උපත ලබන ලදී.

එම අසිරිමත් උපත සිදු වු දින නත්තල ලෙස ලෝපුරා වු කිතුණුවන් ‌මෙලෙස සමරනු ලබයි.

ඔබට සුබ නත්තලක්!

Christmas (or the Feast of the Nativity) is an annual festival commemorating the birth of Jesus Christ, observed primarily on December 25 as a religious and cultural celebration among billions of people around the world. A feast central to the Christian liturgical year, it is preceded by the season of Advent or the Nativity Fast and initiates the season of Christmastide, which historically in the West lasts twelve days and culminates on Twelfth Night in some traditions, Christmastide includes an octave. Christmas Day is a public holiday in many of the world's nations, is celebrated religiously by a majority of Christians, as well as culturally by many non-Christians, and forms an integral part of the holiday season centered around it.

Merry Christmas to You!

Announcements
24 th December 2020 at 09:12
Inspected the Quality

තර්ස්ටන් විද්‍යාලයේ තට්ටු තුනකින් සමන්විත මහපොළ ගොඩනැගිල්ලේන් ශිෂ්‍යන් ඉවත් කිරීමෙන් අනතුරුව ඒම ශිෂ්‍යන් සදහා අධ්‍යාපන කටයුතු කරගෙන යාම සදහා තාවකාලිකව ඉදිවෙන ගොඩනැගිලිවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමක් අධ්‍යාපන අමාත්‍යංශයේ නිළධාරීන් විසින් පසුගිය දිනක සිදු කරන ලදී.

Ministry of Education officials recently inspected the quality and condition of the temporary building under construction following the eviction of students from the three-story Mahapola building at Thurstan College.

Announcements
22 nd December 2020 at 16:12
Primary Building Soil Test

තර්ස්ටන් විද්‍යාලයේ ප්‍රථමික ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සදහා ගොඩනැගිල්ල ඉදිවෙන ස්ථානයේ පාංශු පරික්ෂාව පසුගිය දිනවලදී සිදු කරන ලදී.

The soil test for the construction of the primary section building at Thurstan College was carried out recently.

Announcements
14 th December 2020 at 21:12
Congratulations Aritha!

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයීය බාලදක්ෂ සමූහය විසින් සංවිධානය කරන ලද "ගිනිමැලයෙන් වේදිකාවට" නාට්‍ය තරගාවලියෙන් පළමු ස්ථානය ලබා ගැනීමට තර්ස්ටන් විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ සාමාජික අරිත නිසලව ශිෂ්‍යා සමත්වි ඇත. ඔබ‍ට අපගේ උණුසුම් සුභ පැතුම්!

Our heartiest congratulations to Senior Scout of Thurstan College, Aritha Nisalawa, on securing the first place of the drama competition "ගිනි මැලයෙන් වේදිකාවට" organised by the senior scouts troup of D. S. Senanayake College.

Announcements
13 th December 2020 at 08:12
Vote for Aritha - 2020

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයීය බාලදක්ෂ සමූහය විසින් සංවිධානය කරන ලද "ගිනිමැලයෙන් වේදිකාවට" නාට්‍ය තරගාවලියේ අවසන් වටයෙන් ජයග්‍රහණය ලබා ගැනීම සඳහා තර්ස්ටන් විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ සාමාජික අරිත නිසලව ශිෂ්‍යාගේ වීඩියෝ පටයට ලයික් කර ඔබගේ වටිනා මනාපය ලබා දෙන්න.

පහත සබැඳියෙන් පිවිස එම විඩීයෝවට ලයික් කරන්න :
https://www.facebook.com/327770053945629/posts/3490969007625702/

සැ.යු: ඔබගේ මනාප ලබා දිය හැක්කේ 2020 දෙසැම්බර් 14 වෙනි සදුදා උදෑසන 12.00 දක්වා පමණි.

Member of the Thurstan College Senior Scouts Troup Aritha Nisalava, needs your valuable vote to win the final round of the drama competition 'ගිනිමැලයෙන් වේදිකාවට' organized by the Scouts Troup of DS Senanayake College Colombo.

Click On The Following Link To React On The Post To Give Your Vote : https://www.facebook.com/327770053945629/posts/3490969007625702/

Considered : Votes can be given only till 12.00am on Monday, 14th December 2020.

Announcements
12 th December 2020 at 11:12
Temporary Building Progress - 12-12-2020

තර්ස්ටන් විද්‍යාලයේ තිබෙන තට්ටු තුනකින් සමන්විත මහපොළ ගොඩනැගිල්ලේ ව්‍යුහය පිළිබදව මොරටුව විශ්ව විද්‍යාලය විසින් කරනු ලැබූ පරීක්ෂණයෙන් අනතුරුව ලබා ගත් නිර්ණායක මත එහි අධ්‍යාපනය  ලැබූ ශිෂ්‍යන් ඉවත් කිරීමට කටයුතු කළ අතර, එහි අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යන් 800 දෙනෙකුට හා ගුරුවරුන්ට අධ්‍යනය කටයුතු බාධාවකින් තොරව සිදු කරගෙන යාමට විද්‍යාල භූමියේ තාවකාලිකව ඉදිකෙරෙන පන්ති කාමර 31ක්‌, විද්‍යා විද්‍යාගාරයක්, පරිගණක විද්‍යාගාරයක් හා ගුරු විවේකාගාරයේ 2020 දෙසැම්බර් මස 09 වෙනි දිනට ප්‍රගතිය.

The following is the progress of the temporary building being constructed to accomodate the students who were in the three storied Mahapola building as it was decided unstable owing to an investigation done by the University of Moratuwa into its structure. The temporary building will consist of 31 classrooms, science lab, computer lab and a staffroom.

Announcements
09 th December 2020 at 20:12
Interview For Admission Of Grade 01 Students - 2020

2021 වර්ශය සදහා තර්ස්ටන් විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ශිෂ්‍යන් ඇතුළත් කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය කොවිඩ්-19 වැළක්වීමේ සියළුම සෞඛ්‍ය ආරක්‍ෂිත පියවර අනුගමනය කරමින් 2020 දෙසැම්බර් මස 5 වෙනි දා සිට 8 වෙනි දා දක්වා දිනවල විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුණි.

The interview for admission of students to the first grade of Thurstan College for the year 2021, was held at the school premises from the 5t to 8th December 2020, following all the health precautions to prevent Covid-19.

Announcements
05 th December 2020 at 10:12
Vote for Aritha

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයීය බාලදක්ෂ සමූහය විසින් සංවිධානය කරන ලද "ගිනිමැලයෙන් වේදිකාවට" නාට්‍ය තරගාවලියේ දෙවන වටයට පිවිසීම සඳහා තර්ස්ටන් විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ සාමාජික අරිත නිසලව ශිෂ්‍යාගේ වීඩියෝ පටයට ලයික් කර ඔබගේ වටිනා මනාපය ලබා දෙන්න.

පහත සබැඳියෙන් පිවිස එම විඩීයෝවට ලයික් කරන්න.

https://www.facebook.com/327770053945629/posts/3471521652903771/

සැ.යු. : මනාප ලබා දිය හැක්කේ 2020 දෙසැම්බර් 6 වෙනි සදුදා උදෑසන 8.00 දක්වා පමණි.

Member of the Thurstan College Senior Scouts Troup Aritha Nisalava, needs your valuable vote to enter the second round of the drama competition 'ගිනිමැලයෙන් වේදිකාවට' organized by the Scouts Troup of DS Senanayake College Colombo.

You can cast your votes now by clicking the following link directed to his video clip.

https://www.facebook.com/327770053945629/posts/3471521652903771

Considered : Votes can be given only till 8.00am on Monday, 6th December 2020.

Announcements
02 nd December 2020 at 18:12
Vote for Chamod

තර්ස්ටන් විද්‍යාලයීය මාධ්‍ය ඒකකයේ සාමාජික චමෝද් විශ්වජිත් සමස්ත ලංකා පාසල් මාධ්‍ය එකමුතුව විසින් සංවිධාන කරන ලද "දිවයිනේ ජනප්‍රියම පාසල් නිවේදකයා" තරඟාවලියේ ජයග්‍රාහකයා බවට පත් කිරීමට පහත Link එකෙන් පිවිස ඔහුගේ වීඩියෝ පටයට (අංක 21) හා එම ෆේස්බුක් පිටුවට Like කර සහයෝගය ලබා දෙන්න.

ලින්ක් : https://www.facebook.com/107797070861377/posts/217892786518471/

Chamod Vishvajith member of Thurstan College Media Unit is participating in the media competition of the "Most Popular School Presenter" in the island which is organized by the All Island School Media Units Association. To make him the "Winner" of the competition kindly go to the below link and give your vote by liking Chamod's video (number 21) and the Facebook page of All Island School Media Units.

Link : https://www.facebook.com/107797070861377/posts/217892786518471/

Announcements
01 st December 2020 at 22:12
Are you a current student or OLD Boys' of Thurstan College?

එසේ නම් පාසලේ පැවැත්වෙන අධ්‍යාපනික වැඩසටහන්, ක්‍රීඩා උත්සව, ක්‍රීඩා තරඟ, සංගම් ක්‍රියාකාරම් හෝ පාසල සම්බන්ධ පුවත් වෙබ් අඩවිය හරහා මෙන්ම නිල සමාජ මාධ්‍ය හරහා වාර්තා කිරීමට අපට කියන්න.

ඔබගේ පුවත විස්තර සහිතව ඡායාරූපද සමග ඊමේල් මාර්ගයෙන් හෝ ව්ට්ස්ඇප් මාර්ගයෙන් අප වෙත එවන්න.

Email : tellus@thurstancollege.com

WhatsApp : 0717815098

Events
01 st December 2020 at 16:12
Capturium '20

කොළඹ තර්ස්ටන් විද්‍යාල සහ මහනුවර මහාමයා බාලිකා විද්‍යාල ඡායාරූප සංගම් විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන සමස්ත ලංකා ඡායාරූප තරගාවලිය Capturium '20.

Lතරගාවලිය දැන් විවෘතයි.

ඡායාරූප ඉදිරිපත් කිරීමේ ක්‍රියා පටිපාටිය.

අදියර දෙකක් යටතේ තරඟය පැවැත්වේ:

අදියර 1

▪️වර්ණ.
▪️ඒකවර්ණ.
▪️ජංගමදුරකථන ඡායාරූපකරණය.

අදියර 2

▪️Photo Manipulation.

තරඟයේ නීති රීති පිළිබඳව ඔබට පහත සබැඳියෙන් දැනගත හැකිය: https://bit.ly/39tFjbd

ඔබගේ ඡායාරූප ඉදිරිපත් කිරීමට පහත Google පෝරමය භාවිතා කරන්න. https://forms.gle/Zx3AmSr6jYbDbA1N6

▫️තරගයේ ලියාපදිංචිය කටයුතු 2020 දෙසැම්බර් 14 දින අවසන් වේ.

▫️මෙම තරගය වයස අවුරුදු 20 ට අඩු සියලුම අපේක්ෂකයින් සඳහා විවෘතයි.

▫️සෑම කාණ්ඩයකම ජයග්‍රාහකයන්ට වටිනා ත්‍යාග පිරිනමනු ලැබේ.

▫️පළමු ස්ථාන 10 සඳහා කුසලතා සහතික ප්‍රදානය කෙරේ.

▫️සහභාගිවීම සඳහා සෑම සහභාගිවන්නෙකුටම විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වැඩි විස්තර සඳහා අමතන්න:

▪️දුල්රාන් නිමාදිත් - 0711969278
▪️ඕෂධ ඔශේන් - 0762589756

Capturium '20 Is An All Island Photography Competition Organized by the Photographic Societies of Thurstan College Colombo & Mahamaya Girls' College Kandy.

Calling for Entries.

Submission Procedures.

Competition will be carried out under two stages:

Stage 1

▪️Colour.
▪️Monochrome.
▪️Mobile Photography.

Stage 2

▪️Photo Manipulation.

▫️You can find out more about the rules and regulations of the competition at the link below: https://bit.ly/39tFjbd

▫️Send Your Entries Through: https://forms.gle/Zx3AmSr6jYbDbA1N6

▫️Registration Starts From Today Onwards Till 14th Of December 2020.

▫️This Competition Is Open To All the Candidates Under Age 20.

▫️Winners of each category will be admired with valuable prizes.

▫️ First 10 places will be awarded with merit certificates.

▫️ Every participant will receive an E-Cetificate for the participation.

▫️Seize The Moment Because Some Opportunities Never Come Twice.

Contact for more information:

▪️Dulran Nimadith - 0711969278
▪️Oshada Oshe - 0762589756

Announcements
01 st December 2020 at 01:12
All Island Most Popular School Presenter - 2020

සමස්ත ලංකා පාසල් මාධ්‍ය එකමුතුව මඟින් සංවිධානය කරනු ලබන දිවයිනේ ජනප්‍රියතම පාසල් නිවේදකයා තරඟය සඳහා තර්ස්ටන් විද්‍යාලය නියෝජනය කරමින් මෙවර චමෝද් විශ්වජිත් ශිෂ්‍යයා සහභාගි වේ.

තරඟය දෙසැම්බර් මස 2 වන දින සිට 3 වන දින දක්වා සමස්ත ලංකා පාසල් මාධ්‍ය ඒකක ෆේස්බුක් පිටුව (All Island School Media Units Facebook Page) තුළ ඡන්ද විමසීමක් ආකාරයෙන් පැවැත්වෙන අතර එහිදී ඔහු වෙත ඔබගේ වටිනා මනාපය ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.

Chamod Vishvajith of Thurstan College will be participating the 'All Island Most Popular School Presenter' Competition organized by the 'All Island School Media Units Facebook page'.

The contest will be held by the All Island School Media Units Facebook Page as Facebook voting on 2nd December to 3rd December 2020. We respectfully request your valuable voting for him.

Announcements
30 th November 2020 at 16:11
Under 19 Cricket Training Began - 2020

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් මත කොවිඩ්-19 වැළක්වීමේ සෞඛ්‍ය ආරක්‍ෂිත උපදෙස් අනුගමනය කරමින් තර්ස්ටන් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් සංචිතයේ පුහුණුවීම් කටයුතු විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාගාරයේදී 2020 නොවැම්බර් මස 30වන සදුදා දින ආරම්භ විය.

Training of the Thurstan College Under-19 Cricket Squad began on Monday, 30th of November 2020, at the College Indoor Cricket Nets, following the health safety precautions to prevent Covid-19 on the advice of Public Health Inspectors.

Announcements
30 th November 2020 at 16:11
Ill Poya - 2020

බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා පරිදි රහතන් වහන්සේ සැට නමක්, ලෝ සතුන්ගේ හිත සුව පිණිස, ධර්ම ප්‍රචාරයේ යෙදුණු ඉල් පුර පසලොස්වක පොහෝ දිනය අදයි.

අවබෝධ කර ගත් ධර්මය ලෝක සත්වයාගේ හිතසුව පිණිස දේශනා කරන්නැයි වදාරා, බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ සැට නමක් ගම් නියම් ගම්වෙත පිටත්කර හැරියේ අද වැනි පුර පසළොස්වක පොහෝ දිනකදීයි.

උරුවෙල් දනව්වේදී බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයින් ඇතුළු පිරිසට ධර්මය දේශනා කළේ ද ඉල් පුර පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් ය.

මෛත්‍රී බෝධි සත්ත්වයන් ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම ද අද වැනි පොහෝ දිනක සිදු වු අසිරිමත් සිද්ධියකි.

වප් පොහෝ දින පෙරවස් පවාරණය කළ උපසපන් භික්ෂූන්ට කඨින චීවර පූජා කිරීමේ චීවර මාසය නිමාවන්නේද ඉල් පුර පසළොස්වක පොහෝ දිනයෙනි.

එමෙන්ම පසු වස් සමාදන් වූ උපසපන් භික්ෂූන් ඉල් පොහෝ දිනයේදී වස් පවාරණය කරයි.

ඔබ සැමට පින්බර ඉල් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!

This is the last Poya of the ‘wassana’ rainy season. With the end of the Il Poya, the Katina pinkama also should end.

The Katina pinkama is considered one of the most highest deeds in Buddhism. During this time Buddhist monks stay inside their premises due to heavy rains. This roughly happens for three months.

A number of events took place on the Il Poya day;

The announcement of the future Buddha-hood of Maitriya Bodhisatva.

The first Buddhist missionary activity by the sixty Arahath.

Jatila brothers entering the Buddhist order.

Festival of ‘Devaharohana’ or ascend to heaven by Gautama Buddha.

Accepting a robe from the future Buddha Maitriya, who was a disciple of the Buddha.

Passing away of the Chief Disciple Sariputta.

Laying of Gautama Buddha’s Dakunu Aku Datuwa tooth in the right jaw in the first Dagoba Thuparama Chaitya which was constructed by King Devanampiyatissa.

Happy Ill Full Moon Poya Day to you all!

Announcements
24 th November 2020 at 07:11
New Chief Prelate for Ramanna Nikaya - 2020

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වැඩ බලන මහානායක මාහිමි ධූරයට මීරිගම මිනිඔලූව විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති මකුලෑවේ විමල නාහිමිපානන් තේරී පත්වූ බව එම නිකායේ මහා ලේඛකාධිකාරි අත්තංගනේ සාසනරතන නාහිමියෝ එම නිකායේ විශේෂ කාරක සංඝ සභා රැස්වීමේදී ප‍්‍රකාශයට පත් කරනු ලැබූහ.

මහානායක පදවිය දැරූ නාපාන පෙමසිරි මහනාහිමියන්ගේ අපවත්වීමෙන් හිස්වූ මහානායක ධුරය සදහා විමල නාහිමියෝ මෙසේ පත්වීම් ලදහ. ධර්මධර විනයධර මහතෙර නමක් වූ විමල නා හිමියෝ ශාස්ත්‍රීය කටයුතු වල ද යෙදුණු තෙරනමකි. 72 හැවිරිදි වියේ පසුවන අභිනව මහනාහිමිපාණන් වහන්සේගේ පැවිදි දිවිය වසර 60කි. විමල නාහිමියෝ රාමඤ්ඤ නිකායේ දහහතර වැනි මහනාහිමිපාණන් වනු ඇත. උන්වහන්සේ 2012 සිට වසර අටක් තිස්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක පදවිය දැරූ අතර පසුගියදා සම්මානනීය අනුනායක පදවියට පත්කරනු ලැබ සිටියහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ රැස්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ මහා නායක පදවිය සඳහා විමල නා හිමියන් පත් කර ගැනීමේ තීරණය ගැණිනි. කාරක සංඝ සභාවේ සාමාජික හිමිවරු සියනමක් දෙනා මෙම අවස්ථාවට සහභාගිවූහ. ඉදිරියේදී පැවැත්වෙන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක පාලක සභාවේදී මෙම පත්වීම අනුමත කිරීමට නියමිතය. වසරක් ඇතුළතදී නිකායේ කාරක පාලක සභාව විසින් මෙම පත්වීම අනුමත කළ යුතු බව රාමඤ්ඤ මහා නිකායේ ව්‍යවස්ථාවේ සදහන්ව ඇත. රාමඤ්ඤ ය මහා නිකායේ අනු නා හිමි පානන් වහන්සේලා ගේ මූලිිිිකත්යෙවන් යුතුව කාරක සංඝසභාව රැස්විය. කාරක සංඝ සභාවේදී මාතලේ ධම්මකුසල අනුනා හිමියන් විසින් මකුලෑවේ විමල අනුනාහිමියන් මහානායක ධුරය සදහා යෝජනා කළ අතර නැදගමුවේ විජය මෛත්‍රී අනුනාහිමියෝ එම යෝජනාව ස්ථිර කරනු ලැබූහ.

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් වන්නි හත්පත්තුවේ, 45 නැගෙනහිර කෝරළයේ ගල්ගමුව, මකුලෑව ග‍්‍රාමයෙහි දී 1948 අගෝස්තු මස 25 වන දින ජන්ම ලාභය ලද හේරත් මුදියන්සේලාගේ කිරිබණ්ඩා කුලකුමරුගේ පියාණන්වූයේ හේරත් මුදියන්සේලාගේ පුංචිරාළ මහතාය. මෑණියන් වූයේ ඉමිහාමි මුදියන්සේලාගේ කිරිමැණිකේ මහත්මියයි. මේ කුලකුමරුවා සහෝදර සහෝදරියන් දස දෙනෙකුගෙන් සමන්විත පවුලේ දෙවැනියා වූයේය. නිතලව ග‍්‍රාමයෙහි පිහිටි රජයේ මිශ‍්‍ර පාඨශාලාවෙන් මූලික අධ්‍යාපනය ලැබූ මේ කුමරුවා 1959 ඔක්තෝබර් 15 වෙනි දින මීරිගම මිණිඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයට පැමිණි අතර 1960 මාර්තු මස 24 වන දින ලෝලූවාගොඩ මහේන්‍ද්‍රාරාමාධිපතිව වැඩ විසූ දිශාපාලක ධුරන්‍ධර වේවැල්දෙණියේ නන්දසිරි මහා ස්වාමින්‍ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්‍වයෙන් හා රාජකීය පණ්ඩිත නුගදෙණියේ ධම්මානන්‍ද මහා ස්වාමින්‍ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්‍වයෙන් මකුලෑවේ විමල යන නමින් පැවිදි දිවියට පත්වූහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය පදවිය දැරූ කුඹුක්වැවේ විජිතසේන මිණිඔළුව විද්‍යාවාස පිරිවෙනේ විහාරාධිකාරී පිදුමේ රතන සහ ලෝලූවාගොඩ ඤාණරතන යන හිමිවරුන්ගේ අවවාද අනුශාසනා මත විමල සාමනේරයෝ පැවිදි දිවිය සාර්ථක කරගනු ලැබීය.

1967 දී මීරිගම මිණිඔළුව විද්‍යාවාස පිරිවෙණ ආරම්භ කෙරුණු අවස්තාවේ එහි මුල්ම පැවිදි ශිෂ්‍යයා වශයෙන් ඇතුළත් වූයේ මකුලෑවේ විමල සාමණේරයන්වීම විශේෂත්වයකි. 1969 ජූලි 22 වන දින කොළඹ තොටලග කළ්‍යාණි නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී මකුලෑවේ විමල සාමණේරයෝ උපසම්පදාව ලදහ. කුඹුක්වැවේ විජිතසේන, පිදුමේ රතන, ලෝලූවාගොඩ ඤාණරතන සහ නුගදෙණියේ ධම්මානන්‍ද යන ස්වාමින්‍ද්‍රයන් වහන්සේලා විමල හිමියන්ගේ ආචාර්ය්‍යයන් වහන්සේලා වූ අතර උපාධ්‍යායත්‍වය දැරූවේ ඉඳුරුවේ උත්තරානන්‍ද මහානාහිමිපාණන් වහන්සේ ය.

1971 දී ඇරඹුනු අනුරාධපුර බුද්ධශ‍්‍රාවක ධර්ම පීඨයට තෝරා ගත් ශිෂ්‍ය කණ්ඩායමේ ප‍්‍රථමයා වශයෙන් ඇතුළත් වීමේ අවස්ථාවද විමල හිමියන්ට ලැබීම සුවිශේෂිය. එවකට පීඨාධිපතිව වැඩ විසූ අතිපූජ්‍ය ඉඳුරුවේ උත්තරානන්‍ද මහානාහිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ ප‍්‍රවීන ආචාර්ය මණ්ඩලයක් යටතේ විමල හිමියෝ අටුවා සහිත ත්‍රිපිටක බුද්ධවචනය, සකු. මගධ වැනි භාෂා ශාස්ත‍්‍ර හා වාග් විද්‍යා ශිලාලේඛන වැනි විවිධ විෂය ක්‍ෂෙත‍්‍රයන් මැනවින් ප‍්‍රගුණ කරනු ලැබූහ.

1974 දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති පාලක සභාවෙන් ත්‍රිපිටකාචාර්ය උපාධියද 1976 දී බුද්ධ ශ‍්‍රාවක ධර්ම පීඨයෙන් ත්‍රිපිඨකවේදී උපාධිය හා 1976 දී පරියත්ති පාලක සභාවෙන් ත්‍රිපිටක විශාරද ගෞරව උපාධිය ලබා ගැනීමටද විමල හිමියෝ සමත්වූහ.

මාලිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙන්හි ශ්‍රී සුමංගල ගුණානුසමරණ සභාව මගින් පැවැත් වූ සද්ධම්මාචාර්ය සහ විනයාචාර්ය යන විභාගවලින් සමත්වූ විමල හිමියෝ 1982 දී කැළණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත‍්‍රවේදී උපාධිය හා 1990 දී කැළණිය විශ්ව විද්‍යාලීය පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත‍්‍රපති උපාධියද ලබාගත්හ.

අධ්‍යාපනය අවසන් කළ විමල හිමියෝ 1976 සිට 1978 දක්වා මීරිගම මිණිඔළුව විද්‍යාවාස පිරිවෙනේ ද 1982 ජනවාරි මස සිට මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයේ ද ආචාර්යවරයෙකු ලෙස කටයුතු කළ අතර 1982 සැප්තැම්බර් මස අලව්ව ශ‍්‍රී රාහුල පිරිවෙන්හි පරිවේණාධිපති පදවියට පත්වූහ. අනතුරුව 1983.11.10 දින සිට මිණිඔළුව විද්‍යාවාස පිරිවෙනේ පරිවේණාධිපති පදවියට පත්ව 1992.10.01 දක්වා එම පදවිය හෙඹවූහ.

මිණිඔළුව විද්‍යාවාස පිරිවෙනේ කෘත්‍යාධිකාරී ධුරයේ කටයුතු කළ විමල හිමියෝ 2004.06.17 වන දින සිට එහි විහාරාධිපති පදවියට පත්වූහ. විමල නාහිමියෝ මිණිඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථ ශ්‍රී ඤාණේශ්වර දහම් පාසලේ හා මත්තුමගල තපෝවනාරාම විහාරස්ථ ශ්‍රී පියදර්ශි දහම් පාසලේ ද ආචාර්යවරයෙකු ලෙස කටයුතු කළ අතර 1983.11.10 දින සිට මිණිඔළුව ශ්‍රී ඤාණේශ්වර දහම් පාසලේ ප‍්‍රධානාචාර්ය ධුරයට පත්වූහ.

විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයේ චෛත්‍ය කර්මාන්තයේ වැඩ අවසන් කර 1986 දී කොත පැළඳවීමට පියවර ගත්තේද උන්වහන්සේය. විමල හිමියෝ විහාරස්ථානයේ දියුණුවට කළ මෙහෙය අපමණය. විමල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් කි‍්‍රයාත්මක වන සමිති සමාගම් ගණනාවකි. එමගින් ප‍්‍රදේශයට සිදුවන සේවය අති මහත්ය.

විමල නාහිමියන් සිය උපන් ගමවූ මකුලෑව ග‍්‍රාමය වෙනුවෙන් ඉටු කරන ලද සේවාවන්ද විශාල ප‍්‍රමාණයකි. තැපැල් කාර්යාලයක් හා සංචාරක බෙහෙත් ශාලාවක් ද මකුලෑව ගමට ලබාදුන් උන්වහන්සේ මකුලෑවේ සුධර්මාරාම විහාරස්ථානය සග සතු කර පූජා කරවීමටද මූල්වූහ. ගමේ බස් සේවය හා විදුලිය ලබාගැනීමටද කටයුතු කරනු ලැබුයේ විමල නාහිමියෝය. උත්වහන්සේ මීරිගම ප‍්‍රාදේශීය ශාසනාරක්‍ෂක බලමණ්ඩලය, ප‍්‍රාචීන භාෂෝපකර සමිතිය, ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනමේ හා මහා බෝධි සමාගමේ මෙන්ම ප‍්‍රාචීන භාෂෝපකාර සමිතියේද විවිධ නිලතල දැරූහ. විමල නානාහිමිපාණන් යන්ගේ ධර්ම ශාස්ත්‍රී සේවාවන්ද රැසකි. බුද්ධශ‍්‍රාවක වාර්ෂික සංග‍්‍රහය, ශ්‍රී ලංකාවේ සංස්කෘත අධ්‍යාපනය, අධිශීල ශාස්ත්‍රීය සංග‍්‍රහය, පරාර්ථ චරියාව කෘතිය, මහාස්වාමීන්‍ද්‍ර අනුස්මණ ධර්මග‍්‍රන්‍ථ 08 ක් ඇතුලූ ග‍්‍රන්ථ ගණනාවකට උන්වහන්සේගේ දායකත්වය ලැබි ඇති අතර පඤ්චවිධ ඤෙය්‍ය මණ්ඩලය ල ධර්ම දේශනා කෘතිය ඒ අතරින් විශේෂිතය.

විමල නාහිමියන් ඉටුකළ මහ`ගු සේවය වෙනුවෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායෙන් ධර්මකීර්ති ශ්‍රී සරණංකර ගෞරව නාම සම්මුතිය, -ජයවර්ධනපුර ගුණ සමරු පදනම මගින් සද්ධර්මකීර්ති ශ්‍රී ශාස්ත‍්‍ර විශාරද ගෞරව නාම සම්මුතිය -ශ්‍රී ලංකා අමරපුර මූලවංශික නිකාය මගින් සාහිත්‍ය කීර්ති ශ්‍රී පරියත්තිධර ගෞරව නාම සම්මුතිය, සමස්ථ ලංකා මෙත් මුනි සමාජය මගින් ජිනදර්ශන කෝවිද ගෞරව නාම සම්මුතිය හා ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය මගින් සමස්ත ලංකා සාම විනිසුරු’’ පදවියද උන්වහන්සේට පිරිනැමුණු ගෞරව නාම හා සම්මාන උපාධි අතරවේ.

මහාබෝධි සංගමය හා එක්ව දඹදිව ශාසනික සේවයට කළ කැපවීම මෙන්ම ඔස්ටි‍්‍රයා, ස්වීඩන්, ජර්මන් සහ ඉතාලි යන රටවල විදේශ ධර්මදූත සේවා සිදු කිරීමටද විමල නාහිමියෝ කටයුතු කළහ.

විමල නාහිමියන්ගේ උදාරතර ශාසනික මෙහෙවර අගයමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මගින් 1984.07.07 දින ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ පරියත්ති පාලක සභාවටද 1987 දී නිකායේ කර්මවාගාචාර්ය වරයෙකු ලෙසද පත්කෙරිනි. අනතුරුව 1993.03.12 දින මීරිගම සංඝ සභාවේ අනුවිජ්ජක ධුරයට හා පාලක සභාවටද 1996 දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ජ්‍යෙෂ්ඨ අනුවිජ්ජක ධුරයට හා 1998.03.28 දින ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ කාරක සභික ධුරයට පත්කරනු ලැබීය.

අනතුරුව 2001.03.31 දින රාමඤ්ඤ මහානිකායේ නියෝජ්‍ය පරියත්ති ලේඛක ධුරයට හා 2006.10.03 දින රාමඤ්ඤ මහා නිකායේ සඤ්ඤා ලේඛකාධිකාරී ධුරයට පත්කෙරුණු විමල නාහිමියෝ 2011.11.26 දින මහෝපාධ්‍යාය ධුරයට පත්වීම් ලදහ. 2012.10.19 වැනි දින ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සුවිශේෂි තනතුරක් වන අධිකරණ නායක ධුරයෙන් පිදුම් ලද අතර 2020 දී අනුනාහිමි පදවියට පත්වීමටද උන්වහන්සේ වාසනාවන්තවූහ.

මීරිගම සංඝ සභා බල ප‍්‍රදේශයෙන් බිහිවූ දෙවැනි මහානාහිමියන් වන විමල නාහිමියෝ අඩු වයසින් මහානායක පදවියට පත්වීමද විශේෂිතය.

මකුලෑවේ විමල මහ නා හිමියණි, ඔබ වහන්සේට අපගේ පාද නමස්කාර පුර්වක සුභාසිංශනය!

Announcements
19 th November 2020 at 20:11
Special Notice - 19/11/20

අධ්‍යයන කටයුතු සඳහා තර්ස්ටන් විද්‍යාලය 2020 නොවැම්බර් 23 වන සඳුදා දින නැවත විවෘත නොවේ.
Thurstan College will not reopen on Monday, 23rd of November 2020 for academic purpose.

Announcements
18 th November 2020 at 04:11
Most Ven. Napane Pemasiri Thera passes away!

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහනාහිමියන් අපවත් වෙති. 2020 නොවැම්බර් 17 දහවල් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර උන්වහන්සේ අපවත්වී ඇති අතර අපවත් වන විට 98 වන වියෙහි පසුවිය.

අති පූජ්‍ය නාපානේ පේමසිරි මහනාහිමියන් රාමඤ්ඤ නිකායේ 13 වන මහා නායක හිමිපානන් වේ. අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහනාහිමියන් පිළිබඳ බුදු සරණ පුවත්පතෙන් උපුටාගත් හැඳින්වීමක් පහතින්.

ඓතිහාසික කන්ද උඩරට මහනුවර පාතදුම්බර උඩගම්පහ කෝරලයේ නාපාන ග්‍රාමය කේන්ද්‍රිය කැර උඩරට සම්භාවනීය පරම්පරාවකින් පැවත එන ඒකනායක මුදියන්සේලාගේ මහකුඹුරේ ගෙදර කිරිබණ්ඩාර නිළමේතුමා හා අතින් අත ගත් නියංගොඩ හිටි බණ්ඩාර මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේ දම්පතීන්ගේ පුත්රුවනක් ලෙස 1923 ජනවාරි 20 දා මෙලොව එළිය දුටු මේ කුමරුවාට ඒකනායක මුදියන්සේලාගේ මහකුඹුරේ ගෙදර ටිකිරි බණ්ඩාර යන නාමය තැබූහ.

වලල මූලික පාසලෙන් අත්පොත තැබීමෙන් අනතුරුව ගුන්නෑපාන අමුණුගම මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ප්‍රගුණ කළ එම කුමරුවා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධූරයෙන් පිදුම් ලත් අපවත් වී වදාළ තෙරිපැහැ සිරි සීලවංශ නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් නාපාන පේමසිරි නමින් ශිෂ්‍යවරයෙකු ලෙස සසුන්ගත වූහ. සාමණේර අවධියේ මූලික බණ දහම් අධ්‍යනය කළ නා හිමියෝ 1935 දී කොළඹ වැල්ලවත්ත ශ්‍රී ධර්මෝදය පරිවෙණස්ථානයට ඇතුළත් වූහ.

ජාතියේ පිනට පහළ වූ ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත ධර්මධර විනයධර මහා තෙරවරුන්ගේ ආශ්‍රය ලැබූ නාහිමියෝ ප්‍රාචීන ප්‍රාරම්භ මධ්‍යම අවසාන රාජකීය පණ්ඩිත විද්‍යා විශාරද විභාග පිළිවෙලින් සමත් වූහ. අධ්‍යයන කටයුතුවල නියැලී සිටියදීම භික්‍ෂුවගේ භික්‍ෂුත්වය පරිපූර්ණ තත්ත්වයට පත් කිරීම් වස් 1943 වර්ෂයේ අගෝස්තු මස 6 වැනිදා මහනුවර කටුගස්තොට නගර මධ්‍යයෙන් ගලා බසින පිගාඔය මධ්‍යයේ ඉදිකළ උදකුක්ඛේප පෝය සීමා මාලකයේ දී උපසම්පදා ශීලය ලැබූහ. දීර්ඝ කාලයක් සිදුකළ අධ්‍යනය කටයුතු වලින් ලත් ධර්ම ශාස්ත්‍රීය සේවය පළමුව භික්‍ෂු පරපුරට දායාද කිරීම පෙරටුව 1945 දී නිට්ටඹුව විද්‍යානන්ද පරිවෙණස්ථාන මූලිකත්වය තබාගෙන ගුරු වෘත්තිය ආරම්භ කළහ.

ගිහි පැවිදි විශාල ශිෂ්‍ය පිරිසකට පාලි සිංහල සංස්කෘත බුද්ධ ධර්මය යන විෂයන් ඉගැන්වීමේ සිටි නාහිමියෝ ස්වකීය ජන්මලාභය ලත් ගම් ප්‍රදේශයට යාබද මැණික්හින්න හුරිකඩුව විද්‍යාසාගර පරිවෙණස්ථානය 1967 දී ආරම්භ කැර එහි පළමු පරිවෙණාධිපති ධූරයේ වැඩ භාර ගත්හ. එහි පැවිදි භික්‍ෂූන්ට අමතරව ගිහි සිසුන්ද විශාල සංඛ්‍යාවක් වරින් වර අධ්‍යයන කටයුතු වල නියැලී විවිධ පදවි තනතුරුවලට පත් වු වාර ගණන අපමණය.

විශේෂයෙන්ම නා හිමියෝ කිසි දිනක පදවි තානාන්තර පසු පස ලුහු බැඳීම තරයේ ප්‍රතික්‍ෂේප කළහ. උන්වහන්සේගේ භික්‍ෂු ජීවිතය දිනෙන් දින ආලෝකය කරා ගමන් කැරුණ මංපෙත් විවර කැරමින් 1980 වර්ෂය එළඹීමත් සමඟ මහනුවර ප්‍රාදේශීය සංඝ සභාවේ සභාපති ධූරය ද 1986 දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ එම සංඝ සභාවේ ලේඛකාධිකාරී පදවියද 1987 දී එම නිකායේ සඤ්ඤා ලේඛකාධිකාරී ධූරයද 1998 දී අධිකරණ සංඝනායක පදවියද 2008 දී මියන්මාර් රාජ්‍යයෙන් අග්ගමහා පණ්ඩිත ගෞරවෝපාධියෙන්ද පිදුම් ලැබූහ.

ස්වකීය සංඝ සභාවේ නොමද ගෞරව සම්මානයට පාත්‍ර වූ නා හිමියෝ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිය උදෙසා සිදුකළ අනූපමේය සේවය ඇඟයුමට ලක්කැර පසුගිය දා අපවත් වී වදාළ අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහනායක මාහිමියන්ගෙන් පුරප්පාඩු වූ මහනායක පදවිය ඒකච් ඡන්දයෙන් නාපාන පේමසිරි නා හිමියන්ට බාර ගැනීමට සිදු වූහ.

විශාල ශිෂ්‍ය භික්‍ෂු පරපුරක් දායාද කළ මහා නා හිමියෝ සිව් දෙසින් වැඩමකෙරුණ මහා සඟරුවන ගේ ආශිර්වාද මධ්‍යයේ සම්බුදු ශාසනයේ උන්නතිය උදෙසා දුනුවිල සඳගිරි ලෙන් විහාරය, කුණ්ඩසාල වරාපිටිය බෝධිරුක්ඛාරාමය, පල්ලේකැලේ සීලවංශ බෞද්ධ මධ්‍යස්ථානය, හාමින්දගොඩ සිරි සුමනාරාමය, රජවැල්ලේ ශ්‍රී පූර්වාරාමය හා අලුත් වත්ත මිහිඳු ධර්ම පීඨය යන විහාරස්ථාන රාශියක් නා හිමියන්ගේ මාර්ගෝපදේශකත්වය ඇතිව ඉදිකළ සේක.

එම විහාරස්ථානයන්හි ධර්ම පාඨශාලාවන් ආරම්භ කැර ප්‍රදේශයේ දරු දැරියන් ගේ ධර්මාබෝධය වඩා වර්ධනය කිරීම වස් සිදුවන සේවය අති උතුම් ය. උන්වහන්සේ නිරහංකාර ගති ගුණවලින් සුපෝෂිතය. එසේම පරිත්‍යාගශීලී වී කිසිදු භේදයකින් තොරව කටයුතු කිරීම විශේෂයෙන්ම කැපී පෙනේ.

සසුනඹර බැබළ වූ විශිෂ්ට සංඝ පිතෘවරයාණන් වහන්සේ නමක් වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 13 වන මහා නායක ස්ථවිර, හුරීකඩුව-මැණික්හින්න ශ්‍රී විද්‍යා සාගර පිරිවෙන් මූල මහා විහාරාධිපති, ශාසන සෝභන, ත්‍රිපිටක වාගීශ්වරාචාර්‍ය, සිරි සීලවංශ වංශාලංකාර, සිරි සීලවංශ වංසාලංකාරධජ, ත්‍රිපිටක වාගීශ්වර රාජගුරු, පරියත්ති විශාරද, ත්‍රිපිටක චක්‍රවර්තී, ස්ථවිර වංශාලංකාර නායක, කීර්ති ශ්‍රී අග්ගමහා පණ්ඩිත විනයාචාර්ය, විනය විශාරද,රාජකීය පණ්ඩිත, අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමිපාණන් වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා!

Announcements
18 th November 2020 at 03:11
Birth Day Wish!

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය තර්ස්ටන් විද්‍යාලයීය කීර්තිමත් ආදී ශිෂ්‍ය 5 වන විධායක ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මහතාණෙනි, ඔබට සුබ ජන්ම දිනයක් වේවා!

Prime Minister of the Democratic Socialist Republic of Sri Lanka Thurstan College Alumni 5th Executive President Hon. Mahinda Rajapaksa, Happy Birthday to you!

Announcements
16 th November 2020 at 01:11
Grade Five Scholarship Examination - 2020

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත්වූ සියළුම සිසු දරුවන්ට අපගේ උණුසුම් සුබ පැතුම්!
Our Warmest Congratulations To All The Students Who Passed The Grade Five Scholarship Examination!

Announcements
16 th November 2020 at 01:11
Grade 5 Cut off Marks - 2020

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ දිස්ත්‍රික් කඩඉම් ලකුණු.
District cut off marks for Grade 5 Scholarship Examination.

Announcements
15 th November 2020 at 11:11
School Term Schedule - 2021

අධ්‍යාපන අමාත්‍යංශය විසින් 2021 වර්ශය සදහා නිකුත් කරනු ලැබූ පාසල් වාර සටහන.
School Term Schedule issued by the Ministry of Education for the year 2021.

Announcements
14 th November 2020 at 08:11
Happy Deepavali - 2020

අඳුරෙන් එළියට විත් ආලෝකය දකින්නට, ජිවිතය සරුසාර කරන්නට, ජීවිතය තව තවත් දීප්තිමත් කරන්නටද, ද්‍රවිඩ ජනතාවගේ දිව්‍යමය සලකුණක් වූ අසිරිමත් දීපවාලී දිනය උදා වී ඇත. මේ ශුද්ධ වුත් පූජනීය වුත් අද දිනයේ අපේ මව්බිමේ සියළුම ද්‍රවිඩ ජනතාවගේ උතුම් වු අභිලාෂයන්, ප්‍රාර්ථනාවන් සිතූ පැතූ අයුරින්ම ඉටු වේවා. අභිමානවත්, සෞභාග්‍යයමත් ජාතියක් ලෙස අත්වැල් බැඳගෙන ඉදිරියටම යාමට මේ දීපවාලී දිනය ආශිර්වාදයක්ම වේවා යැයි පතමු.

Deepavali is the divine symbol of emerging out of darkness into a bright and enriching life. On this holy day, We congratulate all the Tamil people of our nation and join hands with them in their aspirations to re-emerge as a proud and prosperous community in our country!

Announcements
09 th November 2020 at 17:11
A Message from the Principal to the Parents

විදුහල්පතිතුමාගෙන් දෙමාපියන්ට පණිවිඩයක්.
A message from the Principal to the Parents.

Announcements
08 th November 2020 at 09:11
School Not Reopen

අධ්‍යයන කටයුතු සඳහා තර්ස්ටන් විද්‍යාලය 2020 නොවැම්බර් 09 වන සඳුදා දින නැවත විවෘත නොවේ.
Thurstan College will not reopen on Monday, 09th of November 2020 for academic purpose.

Announcements
30 th October 2020 at 06:10
Vap Full Moon Poya Day - 2020

භික්ෂූන් වහන්සේ වස් පවාරණය ආරම්භ කරන වප් පුර පසළොස්වක පොහොය දිනය අද යි. ජය ශ්‍රී මහා බෝධි ශාඛාව මෙරටට වැඩමවා ගැනීම සඳහා දෙවන පෑතිස් රජු ධර්මාශෝක රජුට සංදේශයක් යොමු කර ඇත්තේ ද අද වැනි උතුම් පොහෝ දිනකදී ය.

මෙම උතුම් පොහොය දිනය සම්බුද්ධ චරිතාපදානයේ මෙන් ම ශාසන ඉතිහාසයේ ද වැදගත් සිදුවීම්වලින් සමන්විත ය. තවුතිසාවේ වස් විසූ බුදුරජාණන් වහන්සේ වස් පවාරණය කර සංකස්සපුරයට වැඩම කළේ, අද වැනි වප් පුර පසළොස්වක පොහොය දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන් ය.

පෙරවස් සමාදන් වන භික්ෂූන් වහන්සේ වප් පොහොය දින වස් පවාරණය කරන අතර පසුවස් සමාදන් වන භික්ෂූන් වහන්සේ ඉල් පොහෝ දින වස් පවාරණය කරයි.

කඨින චීවර පූජාව ආරම්භ වන පොහොය දිනය ලෙස ද වප් පුර පසළොස්වක පොහොය සැලකෙයි.

මෛත්‍රීය බෝසතාණෝ බුදු පෙළහර දැක බුදුරජාණන් වහන්සේ වෙත පැවිදි වූයේ ද වප් පොහෝ දිනකදී ය.

මිහිදු මහරහතන් වහන්සේ දේශනා කළ චූලහත්ථීපදෝපම සූත්‍රය අසා අනුලා බිසව ප්‍රධාන කාන්තාවෝ 500 දෙනෙකු පැවිදි වීම සඳහා කැමැත්ත පළ කිරීම හේතුවෙන් සංඝමිත්තා තෙරණිය වැඩම වීම සඳහා අරිට්ඨ මහ ඇමතිවරයා ප්‍රධාන දූත පිරිස අශෝක අධිරාජයා වෙත යාම සඳහා පිටත් වූයේ ද අදවන් උතුම් වප් පුර පසළොස්වක පොහෝ දිනකදී බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් ය.

ඔබ සැමට පින්බර වප් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!

The Vap Full Moon Poya is a very significant Poya in the Buddhist calendar.

According to Buddhist history, many events related to the life of the Buddha occurred on this Poya day.

It was on a Vap Full Moon Poya Day that the Buddha ended his seventh (Vassana) retreat for the rainy season since his enlightenment which he had spent in the celestial abode of Tavatissa.

There, he had engaged in preaching Abhidhamma to the devas and deities headed by Matrudeva.

Accompanied by a procession of devotees, the Buddha descended near the city gates of Sankassapura, whereupon having preached Dhamma to the great crowds which flocked to witness the strange event, he declared Arahat Sariputta as the most intelligent person among all the disciples, when he successfully answered various difficult questions put to him by the Buddha.

During the ancient era, Vap was known as the period of sowing.

Happy Vap Full Moon Poya Day to you all!

Announcements
27 th October 2020 at 11:10
Eliminate Covid-19

අපි එකතු වෙමු, ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 තුරන් කරන්නට.
Let's unite to eliminate Covid-19 from Sri Lanka.

Announcements
27 th October 2020 at 11:10
Wash Your Hands

නිවැරිදිව දෑත් සෝදා ආසාදන වලින් ඔබව හා අන් අයව ආරක්ෂා කරගන්න.
Wash your hands properly and protect yourself and others from infections.

Announcements
13 th October 2020 at 06:10
Preservation of the Oldest Building - 2020

තර්ස්ටන් විද්‍යාලයේ පැරණිතම ගොඩනැගිල්ල වර්තමාන සිසුන්ගේ හා මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ ව්‍යාපෘතිය 2020 අගෝස්තු 20 දින සුභ මොහොතින් ආරම්භ කරන ලද අතර පාසල් සංවර්ධන සමිතිය, ආදි ශිෂ්‍ය සංගමය හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය නිසා වර්තමානය තුළ සංවර්ධන කටයුතු සිදුවන අයුරු.

The conservation project of the school's oldest building is currently underway. With the initiative taken by the Principal Mr. Pramuditha Wickramasinghe, the architectural, historical and cultural value of the building will be promptly preserved for the generations to come.

The officers of Sri Lanka Navy work tirelessly day and night to make this project fruitful while the School Development Society supervises and funds the project, the Old Boys' Union provide their constant support and helping hand wherever necessary.